ඉතිං අපි කතා කරමු
Posted by
චන්දික ප්‍රනීත්
on Thursday, May 9, 2013
නිසැකයෙන්ම රටක ලෝකයක අනාගතය පුංචි දරු පැටවු බව අවිවාදයක්.ලෝකය බිහිවුන දවසෙ පටන් ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය කරන ලොකුම සාධකය වුනේ මේ කියන පුංචි උන්.මේ පුංචි දරුවො නිසාම ලෝක සාහිත්‍යයන් බිහි වුනා,සංගීතය වෙනස් වුනා.සමාජ රටාවන් වෙනස් වුණා.
එත් ක්‍රමක්‍රමයෙන් ලෝකය විකාශනය වෙනකොට,ලෝකය සංකීර්ණ වෙනකොට පුංචි දරුවන්ට තමන්ට උරුම නිදහස අහිමි වෙන්න පටන් ගත්ත.තමන් කරන්නෙ මොකක්ද කියන එක තීරණය කරන්නවත් අයිතියක් නැති වුනා.ළමා නිර්මාණ ලේබලයෙන් එලියට ආපු වැඩිහිටි නිර්මාණ බලෙන් රසවිඳින්න දරුවන්ට සිද්ද වුනා.හයක් හතරක් නොතේරෙන හිත් විකුර්ති වෙන්න පටන් ගත්ත.
මේ සියලු දේට වගකියන්න ඕනි වර්තමාන ආර්ථික රටාවම කියන්න බෑ.පුංචි හිත් අඳුරන්නෙ නැති මහා එවුන් ළමා නිර්මාණ කරන්න පටන් ගත්තම,ළමයින් පාලනය කරන්න ගත්තම පෙර කියපු විනාසේ සිද්ද වුණා.
ඉතිං අපි කතා කරමු.පුංචි පැටවූ ගැන!එයාලගෙ අදහස් ගැන.


0 comments:
Post a Comment